මේ වසර අවසන් වනවිට මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වනු ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසුවේ 2009 වසර සමඟ සැසඳීමේදී එම ග්‍රාහකයින් සංඛ්‍යාව 100%
ඉක්මවා ඇති බවයි.
2009 වසරේදී තුන් ලක්ෂයකට අධික වු මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාව මේ වසරේ ජුනි මාසය වනවිට හය ලක්ෂ අනුදහස ඉක්මවා තිබේ.
අනුෂ පැල්පිට පැවසුවේ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාවේ වර්ධනය මීට වැඩි වශයෙන් දායකවන බවයි.
විදුලි සංදේශ නියාමන කොමිසම පවසන්නේ 2015 වසර වනවිට මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂ 40 ක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තුවන බවයි.
දැනට මෙරට ජංගම දුරකථන සබඳතා සංඛ්‍යාව මිලියන 18.2 ක් පමණ වන අතර ස්ථාවර දුරකථන සබඳතා සංඛ්‍යාව මිලියන 4.2කි.
ඊට සාපේක්ෂව ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාව ද වර්ධනය කිරිමට සැලසුම් කර ඇතැයි අනුෂ පැල්පිට සදහන් කළේය.

ප.ලි. - උපුටා ගැනීමකි.
0 comments:
Post a Comment